Sri Lanka
හෙලිකොප්ටර් අනතුරින් තුවාල ලැබූ ගුවන් නියමුවන් රෝහලට
34 | 2025-11-30 08:22 PM
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවටපත් ජනතාව ගලවා ගැනීමේ මෙහෙයුම්වල නිරත වූ ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්ව තිබේ. බෙල් 212 වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ලුණුවිල සහ වෙන්නප්පුව අතර ප්‍රදේශයකදීය. ආපදා හේතුවෙන් විපතටපත්ව සිටින ජනතාව වෙත ආහාර ද්‍රව්‍ය ඇතුළු සහන සේවා ලබාදීමට අද (30) පෙරවරුවේ සිටම ගුවන් හමුදාව විශාල මෙහෙවරක් ඉටුකරමින් සිටී. ලුණුවිල, ගිංඔයට බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් කඩා වැටුණේ ඒ අතරතුරදී ය. එම අවස්ථාවේදී ලුණුවිල පාලම අසල සිටි පිරිසකට ආහාර ද්‍රව්‍ය ඇතුළු උපකරණ ලබාදීමට ගුවන් හමුදා නිලධාරීන් උත්සහ දරා ඇත්තේ ආරක්ෂිත ගොඩබැස්වීමකට සූදානම් වෙමිනි. කෙසේවෙතත් පාලම මත ජනතාව රැඳී සිටීමත් සමඟ එය ව්‍යර්ථ වූ අවස්ථාවේ මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ. මේ වනවිට හෙලිකොප්ටර් යානයේ ගමන්ගත් ගුවන් නියමුවන් ඇතුළු 05 දෙනා මුදාගෙන ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ