Sri Lanka
ඝාතනයකට සූදානමින් සිටි හිටපු LTTE සාමාජිකයෙක් අත්අඩංගුවට
33 | 2025-12-03 10:13 PM
ඝාතනයක් සඳහා සූදානමින් සිටි අපරාධ කල්ලි සාමාජිකයෙකු වන කරන්දෙණිය සුද්දාගේ කුලී ඝාතකයෙකු මීටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු 36 හැවිරිදි වාලච්චේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු හිටපු LTTE සාමාජිකයෙකුවන අතර එම සමයේ දී කරුණා පාර්ශ්වයේ ඔහු සිට ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වී ඇත. සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඔහු සතුව තිබී විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වරයක් ද පොලීසිය සොයාගනෙ තිබේ. ඔහු මංකොල්ලකැමේ සිද්ධියක් සම්බන්ධයෙන් වසර 11ක් ගාල්ල බන්ධනාගාරයේ සිරදඬුවම් ලබාසිට ඇති අතර එම කාලයේදී කරන්දෙණිය සුද්දා නැමැත්තා හඳුනාගෙන ඇති බව සඳහන් වේ. කරන්දෙණියේ සුද්දා සෘජුවම අදාළ පුද්ගලයා වෙත දුරකතන ඇමතුම් ලබාදෙන බව ද විමර්ශනවලදී අනාවරණ වී තිබේ. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ උපදෙස් මත ඇල්පිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලකී රන්දෙණිය මහාගේ අධීක්ෂණයෙන් මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඩී.එල්.ඒ නයනජිත් මහතා විසින් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ