Sri Lanka
දකුණු අප්‍රිකාවට සටන්කාමී ජයක්
49 | 2025-12-04 04:11 AM
සත්කාරක ඉන්දීය කණ්ඩායමට එරෙහි දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 4ක් සටන්කාමී ජයක් ලැබීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම අද (3) සමත් විය. රයිපූර්හිදී පැවති මෙම තරගයේ ඉන්දියාව ලබාදුන් ලකුණු 359ක දැවැන්ත ඉලක්කයට පිළිතුරු ලෙස තරගයේ අවසන් පන්දුවාරයේ දී (49.2) ලකුණු 362/6ක් සිය ජයග්‍රහණය සම්පූර්ණ කරගැනිමට දකුණු අප්‍රිකාවට හැකිවිය. දකුණු අප්‍රිකානු ඉනිම ඔසවා තැබූ ඒඩියන් මාක්‍රම් පන්දු 98කදී ලකුණු 110ක් රැස්කළේය. ඊට අමතරව මැතිව් බ්‍රීට්ස්ක් ලකුණු 68(64)ක්, ඩිවෝල්ට් බ්‍රෙව්ස් ලකුණු 54(34) හා කොබින් බොස්ච් නොදැවී ප්‍රහාරාත්මක ලකුණු 29(15) රැස්කරමින් ඔවුන්ගේ ජය පහසු කළහ. දකුණු අප්‍රිකාවේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව පන්දුවාර 50 තුළදී ලකුණු 358/5ක් රැස්කිරීමට සමත් විය. එහිදී විරාට් කෝලි (102) හා රුටුරාජ් ගයික්වාඩ් (105) විශිෂ්ට අර්ධ ශතක රැස්කළ අතර, ප්‍රහාරාත්මක ඉනිමක් ගොඩනැගූ කේ.එල්. රාහුල් ලකුණු 66(43) රැස්කළේය. මෙම ජයග්‍රහණයත් සමග තරග 3කින් යුත් තරගාවලිය තරග 1-1ක් ලෙස සම කිරීමට දකුණු අප්‍රිකාවට හැකිවිය. දෙරට අතර පළමු එක්දින තරගය දකුණු අප්‍රිකාව ලකුණු 17කින් පරාජය විය. ඒ ඉන්දියාව පන්දුවාර 50 තුළදී ලකුණු 349ක් රැස්කර ලබාදුන් ඉලක්කයට පිළිතුරු ලෙස පන්දුවාර 49.2කදී සියලු දෙනා දැවී ලකුණු 332ක් රැස්කිරීම හේතුවෙන්ය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ