Sri Lanka
අයහපත් කාලගුණයෙන් ඉන්දුනීසියාවේ මියගිය ගණන 900 ඉක්මවයි
70 | 2025-12-07 09:20 PM
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපතේ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 916ක් දක්වා ඉහළ ගොස් ඇති බව එරට ආපදා ඒජන්සිය පැවසීය. එමෙන්ම 274දෙනෙකු අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බටහිර සුමාත්‍රාවේ අගම් දිස්ත්‍රික්කයේ ගලවා ගැනීමේ නිලධාරීන් විසින් මළ සිරුරු සොයා තවමත් මෙහෙයුම් සිදුකරන බවද සඳහන් වේ. පුද්ගලයින් 75,219 දෙනෙකු පමණ අවතැන් වී ඇති අතර බටහිර සුමාත්‍රා පුරා පුද්ගලයින් 106,806 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව විදෙස් වාර්තා පවසයි. ඉන්දුනීසියාවේ ගංගා ඉවුරු බිඳී ගොස් ගංවතුර කඳුකර ගම්මාන හරහා ගලා ගොස් ඇති අතර ඒ හේතුවෙන් දහස් ගණනක් නිවාස සහ ගොඩනැගිලි ජලයෙන් යට වී ඇති බව වාර්තා වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ