Sri Lanka
ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසට අදාළ විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස නියෝග
39 | 2025-12-16 09:29 PM
ෂණය නමැති වරද සිදු කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට එරෙහි පැමිණිල්ල ලබන මාර්තු මස 13 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රත් අධිකරණය නියම කළේය. මෙම පැමිණිල්ල අද (16) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. මෙම සිද්ධියට අදාළව තවදුරටත් විමර්ශන සිදු කරන බව අල්ලස් කොමිසම මෙහිදී අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව මෙම පැමිණිල්ල ලබන මාර්තු මස 13 කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා එදින විමර්ශනවල ප්‍රගතිය දැනුම් දෙන ලෙසත් නියම කළේය. ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවනගල ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර තිබූ ගොඩනැගිල්ලක් ඇතුළු දේපොළ ඉකුත් අරගල සමයේ විනාශයට පත් වීමෙන් අනතුරුව හානි පූර්ණ කාර්යාලය නිලධාරීන්ට බලපෑම් කර එම දේපොළ වෙනුවෙන් රුපියල් 88,50000 ක වන්දි ලබා ගත් බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ