Sri Lanka
SSC ක්‍රීඩාංගණයේ නවීකරණ කටයුතු 21වනදාට පෙර January 2, 2026 08:40 pm
18 | 2026-01-02 09:18 PM
2026 පන්දුවාර 20 ලෝක කුසලානය වෙනුවෙන් කොළඹ SSC ක්‍රීඩාංගණයේ සියලු නවීකරණ කටයුතු ජනවාරි 20වනදා වනවිට සිදුකර අවසන් කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා පවසයි. ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ඉලක්ක කරගනිමින් SSC ක්‍රීඩාංගණයේ ස්ථාපිත නව අති නවීන LED විදුලි අලෝක පද්ධතිය සවි කිරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියරේ පවතින බවද සඳහන් වේ. ක්‍රීඩාංගණයේ යටිතල පහසුකම් වැඩිදියුනු කිරීමේ ව්‍යපෘතියට අදාළව ක්‍රීඩක විවේකාගාරය වැඩිදියුණු කිරීම, තරග තීරකවරුන්ගේ සහ විනිසුරුවරුන් වෙනුවෙන් නව කාමර ඉදිකිරීම ඇතුළු කටයුතු රැසක් මෙහිදී සිදු කෙරේ. මෙම සමස්ථ ව්‍යාපෘතිය සඳහා වැයකෙරෙන මුදල රුපියල් බිලියන 1.7කට අධිකය එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද මහතා, ''සම්පූර්ණ ව්‍යාපෘතිය සඳහා බිලියන 1.7කට අධික මුදලක් වැය වෙනවා.. ICC එක තරග සඳහා ගෙවීම් කරනවා.. ඒවත් එකතු කරගෙන ශ්‍රී ලංකා ක්‍රිකට් අනිත් ආදායම් සමග එකතු කරලා තමා මේ සංවර්ධන කටයුතු කරන්නේ.. ජනවාරි 20වෙනිදා වෙද්දී සියලු වැඩ අවසන් කරලා දෙනවා''

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ