Sri Lanka
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන්ට පහරදුන් පිරිසක් අත්අඩංගුවට
59 | 2026-01-16 11:34 PM
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් අවුරුදු 30 සහ 31 වයස් කාණ්ඩවල පසුවන අස්ගිරිය, ගොතටුව සහ මහනුවර ප්‍රදේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. ඉන් සැකකරුවන් තිදෙනෙකු කිරිබත්කුඹුර ප්‍රදේශයේදී ඊයේ (15) දින අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු පුද්ගලයා අද (16) පේරාදෙණිය පොලිස් ස්ථානය වෙත ඉදිරිපත්වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබේ. පහරකෑමට ලක් වූ සිසුන් වැලිහිරිය ප්‍රදේශයේ පිහිටි ඔයක දිය නෑමට ගොස් ඇති අතර එම ස්ථානයේ මත්පැන් පානය කරමින් සිටි පිරිසක් සමඟ ඇති වූ ආරවුලකදී මෙම පහරදීම සිදුව ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇත. පහරකෑමට ලක්වූ සිසුන් සිව් දෙනෙකු මේ වනවිට පේරාදෙණිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි. සැකකරුවන් අද (16) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ