Sri Lanka
නීති කැඩූ ෆාමසි 3කට දඩ
31 | 2026-01-18 04:02 PM
ඖෂධ නියාමන අධිකාරියේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන ගිය පෞද්ගලික ඔසුසැල් 3කට ගල්ගමුව, නිකවැරටිය සහ පිලැස්ස මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රුපියල් 950,000ක දඩ මුදලක් නියම කර තිබේ. අදාළ ඔසුසැල් වෛද්‍ය වට්ටෝරුවක් නොමැතිව ඖෂධ අලෙවි කරමින් බලපත්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන ගිය බවට හා ඖෂධවේදියෙකු සේවයේ නොයොදවා ඔසුසලක් පවත්වාගෙන ගිය බවට වෙන් වෙන් වශයෙන් අධිකරණ හමුවේ චෝදනා ගොනුකර ඇත. ඒ අනුව මෙකී චෝදනාවන්ට අධිකරණ හමුවේ වරද පිළිගත් නිකවැරටිය ප්‍රදේශයේ ඔසුසැලකට රුපියල් ලක්ෂ‍ 3ක දඩ මුදලක් නියම කර ඇති අතර, අඹකොටේ, තල්ගස්පිටිය ප්‍රදේශයේ ඔසුසැලකට රුපියල් ලක්‍ෂ 5ක දඩ මුදලක් නියම කර තිබේ. එමෙන්ම වරද පිළිගත් ගල්ගමුව ප්‍රදේශයේ අනෙක් ඔසුසැලට රුපියල් 150,000ක දඩ මුදලක් නියම කර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ