Sri Lanka
ඉතිහාසයේ කරපු ලොකුම වැරැද්ද ගැන කියන නාමල්
26 | 2026-01-18 06:47 PM
පසුගිය කාලයේ බලයට පත්වුණ සෑම ආණ්ඩුවක්ම සිදුකරනු ලැබුවේ, තම වගකීම ඉටුකිරීම මිස ලෝක සිතියමේ ලංකාව ස්ථානගත කිරීම ගැන සැලකිළිමත් වීම නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි. කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඒ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ සිදුකළ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ විවේචනය කිරීමට හැකියාව තිබුණද ඒවායෙන් ප්‍රයෝජන ගන්නා ආකාරය පිළිබඳ තවමත් ඔවුන්ට අධ්‍යයනය කරගැනීමකට නොහැකි වී ඇති බවය. "අසීමිත බදු බර තුළ අලුත් රැකියා උත්පාදනය වෙන්නේ නෑ. අනවශ්‍ය රෙගුලාසි, නීතිරීති හැඳුන්වා දීම තුළින් රටකට ආයෝජකයෝ එන්නේ නෑ. ඒක අපි පහුගිය අවුරුදු 10 හොඳාකාරවම දැක්කා."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ