Sri Lanka
සෑම දරුවෙකුටම ආදරණීය රැකවරණයක් සැලසීම රජයේ අරමුණයි - කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය
44 | 2026-01-19 08:21 AM
මුල් ළමා විය සංවර්ධනය සහ රැකවරණය වෙනුවෙන් රජය පියවරයන් රැසක් ගෙන ඇති බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි. රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ "සුරක්ෂිත ළමා ලෝකයක් - නිර්මාණශීලී අනාගත පරපුරක්" යන දරුවන් උදෙසා වන දැක්ම යටතේ මෙම පියවර ගෙන ඇති බව අමාත්‍යවරිය සඳහන් කළාය. ඇය මේ බව පැවසුවේ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර පැවැත්වෙන "Global Caregiver Forum 2026" හි "අනාගත දැක්ම සහ ඉදිරි පියවර" යන මැයෙන් පැවති සමාප්ති සැසිය අමතමිනි. ඒ අනුව මුල් ළමාවිය දරුවන් ඉලක්ක කරගනිමින් හඳුන්වා දුන් ළඹා සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා වූ "Step - Up" සන්නිවේදන වැඩසටහන, 2027 වන විට දිවයිනේ සියලුම පෙරපාසල් සඳහා හඳුන්වා දෙන පොදු විෂය මාලාව සහ ගුරුවරුන් 19,000කට ලබාදෙන විධිමත් පුහුණුව, මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික බහු ආංශික උපාය මාර්ගික ක්‍රියාකාරී සැළැස්ම (2025 - 2029), ඔටිසම් ඇතුළු ස්නායු ආබාධ සහිත දරුවන් වෙනුවෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමෙන් ක්‍රියාත්මක කරන පස් අවුරුදු වැඩසටහන වැනි ක්‍රියාමාර්ග අමාත්‍යවරිය විසින් මෙහිදී එම සැසියේදී දැනුවත් කර තිබේ. මීට අමතරව ශ්‍රී ලංකාව තුළ රැකවරණය සළසන්නා යනු "සහායකයෙකු" පමණක් නොව සහතික ලත් වෘත්තිකයෙකු බවට පත් කිරීම බවත් අමාත්‍යවරිය මෙහිදී පෙන්වා දෙනු ලැබුවාය. ලෝකයේ සාර්ථක අත්දැකීම් සිය ප්‍රතිපත්තිවලට එක් කරගනිමින් ශ්‍රී ලංකාවේ සෑම දරුවෙකුටම සහ රැකවරණ සළසන්නෙකුටම සුරක්ෂිත, සමෘද්ධිමත් අනාගතයක් උදා කිරීම රජයේ වැඩපිළිවෙළ බවද අමාත්‍යවරිය මෙම සමුළුවේදී අවධාරණය කළාය. එමෙන්ම පසුගියදා ඇතිවූ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙනුවෙන් මෙරට ජනතාව පෙන්වූ මානුෂීය රැකවරණය පිළිබඳවත්, රැකවරණය යනු පුද්ගලික බරක් නොව, එය රාජ්‍යයක සහ සමාජයක සාමූහික වගකීමක් බවත් අමාත්‍යවරිය මෙහිදී පැවසුවාය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ