Sri Lanka
පරවියන් නිසා දුරදිග ගිය ආරවුල මරණයකින් කෙළවර වෙයි
23 | 2026-01-19 08:35 AM
පරවියන් සම්බන්ධයෙන් දෙපාර්ශවයක් අතර අද (18) දහවල් පෑලියගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. තියුණු ආයුධයකින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති අතර, ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් ඇති බවට වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. මෙලෙස ඝාතනය වී ඇත්තේ වයස අවුරුදු 38ක් වූ ඔලියමුල්ල, වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලීසිය පැවසීය. මේ අතර මෙම පහරදීම සිදුකළ සැකකරු ද තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත. පෑලියගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ