Sri Lanka
ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය වැසේ
18 | 2026-01-19 08:43 AM
ප්‍රතිසංස්කරණ කටයුතු වෙනුවෙන් හෙට (19) සිට ස්ථාන කිහිපයකින් උතුරු දුම්රිය මාර්ගය තාවකාලිකව වසා තැබීමට තීරණය කර තිබේ. ඒ අනුව හෙට (19) සිට මහව - අනුරාධපුර මාර්ග කොටස තාවකාලිකව වසා තැබෙන බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා පැවසීය. ලබන 26 වන දින සිට මහව - ඕමන්ත දුම්රිය මාර්ග කොටස සම්පූර්ණයෙන් වසා තැබීමට පියවර ගෙන ඇත. තව ද මැදවච්චිය - තලෙයිමන්නාරම දුම්රිය මාර්ගයේ සංවර්ධන කටයුතු ද හෙටින් (19) ආරම්භ කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මහව - ඕමන්ත දක්වා වන දුම්රිය මාර්ගයේ දුම්රිය පාලම් පහක් නැවත ප්‍රතිස්ථාපනය කිරීමටත් වන අලි ගමන් කිරීම සඳහා ඉදිකළ උමං මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු මීට සමගාමීව සිදුකිරීමටත් නියමිතය. එළඹෙන සිංහල - හින්දු අලුත් අවුරුද්දට පෙර දුම්රිය මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කර උතුරු - දකුණු ගමනාගමනය සාමාන්‍ය පරිදි සිදු කිරීමට සැලසුම් කර තිබේ. මීට අමතරව ලබන 20 වන දින සිට ‘පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය’ සහ ‘උදයදේවී’ දුම්රියත් ධාවනය කෙරෙන අතර ත්‍රිකුණාමලය දක්වා ‘රාත්‍රී තැපැල් දුම්රිය’ ගමන් ආරම්භ කිරීමට සැලැසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරි රවීන්ද්‍ර පත්මප්‍රිය මහතා සඳහන් කළේය. හෙට (19) සිට අනුරාධපුර - කන්කසන්තුරය දක්වා සහ 27 වැනිදා සිට ඕමන්ත - කන්කසන්තුරය දක්වා ‘යාල්රාණි’ දුම්රිය ධාවනය කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ