Sri Lanka
වංචනිකව ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරගැනීම් ගැන දැනුම්දීමක්
29 | 2026-01-19 08:46 AM
සමාජ මාධ්‍ය ජාල භාවිතා කරමින් හා දුරකථන ඇමතුම් ලබාදෙමින් වංචනික ලෙස ජාවාරම්කරුවන්ගේ ගිණුම් වෙත මුදල් බැර කරවා ගැනීම් සම්බන්ධයෙන් දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලා ලැබී ඇති බව පොලීසිය පවසයි. මීට අමතරව රැකියා අවස්ථා ලබාදෙන බවට, ත්‍යාග දිනුම් ඇදී ඇති බවට, අසත්‍ය චෝදනා යොමු කර නීතිය ක්‍රියාත්මක නොකර සිටීමට බවට ද පවසා විවිධ ගිණුම් වෙත වංවනික ලෙස මුදල් බැර කර ගැනීම් සිදුකරන බවටද පැමිණිලි ලැබී ඇති බව සඳහන් වේ. අවස්ථානුකූලව විවිධ උපක්‍රම භාවිතා කරමින් පුද්ගලයින් සතු ගිණුම් අංක, මුරපද (OTP), හා QR කේතක්ත ආදී රහස්‍ය තොරතුරු ලබාගැනීම මගින් හා අන්තර්ජාල දිගු හා ස්කෑන් කේත ඔස්සේද මෙම වංචාවන් සිදු කරන බවට ද නිරීක්ෂණය වී ඇති බව පවසයි. බැංකු සේවකයින් ලෙස පෙනී සිටිමින් ගිණුම් හිමියන් වෙත දුරකථන ඇමතුම් ලබා දී බැංකු ගිණුම් පිළිබඳව තොරතුරු ලබා ගෙන එම ගිණුම් වෙත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් මුදල් තැන්පත් කර ඇති බවට පවසා ගිණුම් හිමියන් බිය ගන්වා වංචාකරුවන් විසින් ලබාදෙන විවිධ ගිණුම් වෙත මුදල් තැන්පත් කර ගැනීමේ ජාවාරම් පිළිබඳ පසුගිය දිනවල මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙතත්, පොලිස් නිලධාරින් ලෙස පවසා දුරකථන ඇමතුම් ලබාදී ගිණුම් විස්තර හා මුදල් ලබා ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධව පාදුක්ක පොලිස් ස්ථානය වෙතත් පැමිණිළි වාර්තා වී ඇත. මෙවැනි වංචාවනික ක්‍රියා වලට හසු නොවන ලෙසට පොලීසිය විසින් මීට පෙර අවස්ථාවලදී ද මහජනතා දැනුවත් කර ඇති අතර මෙවැනි අවස්ථා වලදී පහත ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසට පොලීසිය වැඩි දුරටත් දැනුම් දෙයි. * Verified badges / official pages පරීක්ෂා කිරීම. * දෙවනි පර්ශවයට Bank details, NIC Number, login details, OTP, Password, PIN, Photos ලබා නොදීම. * සැකසහිත links පරිශීලනය නොකිරීම. * විශ්වසනීය / Verified ගිණුම් පමණක් භාවිතා කිරීම. * මුදල් තැන්පත් කිරීමේදී අනන්‍යතාවය සනාථ කර ගැනීම. * වංචාවන් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ Cyber Crime Unit වෙත වහාම පැමිණිලි කිරීම. මෙවැනි වංචා සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් පහත දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. * මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :- 011-2852556 * ස්ථානාධිපති / මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය :-075-3994214 * නියෝජ්‍ය අධ්‍යක්ෂ / පරිඝණක අපරාධ විමර්ශන අංශය :-011-2300638 * පුද්ගලික සහකාර / පරිඝණක අපරාධ විමර්ශන අංශය :-011-2381375 * ස්ථානාධිපති / පරිඝණක අපරාධ විමර්ශන අංශය :- 0112381058

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ