Sri Lanka
2025 වසරේදී සිදුකරන ලද මත්ද්‍රව්‍ය වැටලීම් ගැන සම්පූර්ණ විස්තරේ
22 | 2026-01-19 08:53 AM
2025 වසරේදී සිදුකරන ලද වැටලීම්වල ප්‍රතිඵලයක් ලෙස හෙරෝයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,821යි ග්‍රෑම් 174ක් පොලිස් භාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පවසයි. 2025 වසරේදී සිදුකරන ලද වැටලීම් සම්බන්ධයෙන් අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මේ බව පැවසීය. එමෙන්ම 2026 වසරටත් මත්ද්‍රව්‍ය වැටලීම් අඛන්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා පොලිස්පති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ අවසර ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් යම් තොරතුරක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙසය. "2025 වසරේදී සිදුකරණ ලද වැටලීම්වල ප්‍රතිඵලයක් හැටියට හෙරෝයින් 1,821kgයි 174gක් පොලිස් භාරයට ගත්තා. ගංජා 17,189kgක් පොලිස් භාරයට ගත්තා. එවගේම අයිස් 3,865kgක් සහ මත්පෙති කරල් ලක්ෂ 40කට ආසන්න ප්‍රමාණයක් පොලිස් භාරයට ගත්තා. අපිට හැකියාව ලැබී තිබෙනවා මෙම වැටලීම් සෝදිසි කිරීම් 2026 වසරේදී පොලිස්පති තුමාගේ සෘජු අධීක්ෂණය යටතේ දෛනිකව මෙම වැටලීම් මෙහෙයවන්නට සහ ඉදිරියේදී සිදුකරගෙන යන්නට. සමාජයේ කථිකාවතක් ගියා මේ අත්අඩංගුවට ගත් හෙරෝයින් වලට සහ මත්ද්‍රව්‍යට සිදුවූ දේ පිළිබඳව. ශ්‍රී ලංකා පොලීසිය ඉතාම පැහැදිලිව විශේෂයෙන් 2024 වසරේ දී හෙරෝයින්, අයිස් , කෙටමීන් සහ කොකේන් 1,890kg සහ 512g ක් විනාශ කිරීම සඳහා වනාතවිල්ලුව සහ පුත්තලම උඳුන් සඳහා රැගෙන ගොස් ගරු අධිකරණය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ඒ වගේම මත්ද්‍රව්‍ය කර්යයංශ සියලූම අධික්ෂණයකින් යුක්තව මෙම විනාශ කිරීම් සඳහා යෙදෙව්වා. 2025 වසරේදී අපිට හැකියාව ලැබුණා හෙරෝයින් 494kg ක් විනාශ කරන්න. ඒ වගේම 2026 වසරේ අපි ආරම්භක ප්‍රවේශයක් ගත්තා ජනවාරි මස 2 වැනි දින වනාතවිල්ලුව ප්‍රදේශයේ දී 171kgක් විනාශ කිරීමට අපිට හැකියාව ලැබුණා. විශේෂයෙන් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා ඔබට යම් කිසි තොරතුරක් පණිවිඩයක් සැකයක් පිළිබඳ යම්කිසි දෙයක් ලැබුනොත් කරුණාකරලා ශ්‍රී ලංකා පොලීසියේ 1818 හෝ 118 හෝ 119 මේ ස්ථාන වලට ලබා දෙන්න. විශේෂයෙන් ශ්‍රී ලංකා පොලීසි මහජනතාවගේ සාමය ආරක්ෂා කිරීම සඳහා කටයුතු කරනවා"

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ