Sri Lanka
නීතිවිරෝධීව ජංගම දුරකථන 397ක් මෙරටට ගෙනා ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට
22 | 2026-01-19 08:55 AM
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අනුමැතියකින් තොරව රුපියල් මිලියන 34 කට වඩා වටිනාකමකින් යුතු ජංගම දුරකථන තොඟයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ පුද්ගලයෙකු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු දෙමටගොඩ පදිංචි 45 හැවිරිදි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෙකු බව ශ්‍රී ලංකා රේගුව පවසයි. ගමන් මලු තුනක සඟවා තිබූ ජංගම දුරකථන 397 ක් රේගු නිලධාරීන් විසින් සොයාගෙන ඇත. ඔහු අද (18) උදෑසන 7.00 ට පමණ ඩුබායි සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL-226 ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ