Sri Lanka
ඉරාන විරෝධතාවලින් මිය ගිය සංඛ්‍යාව 5,000 දක්වා ඉහළට
25 | 2026-01-19 08:58 AM
ඉරානයේ පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලින් අවම වශයෙන් පුද්ගලයින් 5000ක් පමණ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. ඒ අතර ආරක්ෂක නිලධාරින් 500 දෙනෙකු ඇතුළත් බව එහි දැක්වෙයි. මේ අතර ඉරානයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණවලදී විරෝධතාකරුවන් දහස් ගණනක් මියගොස් ඇති බවට එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි පළමුවරට පිළිගෙන ගෙන ඇත. අද දිනයේ එරට රාජ්‍ය මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් සිදු කරමින් කමේනි සඳහන් කර ඇත්තේ විරෝධතා අතරතුර දහස් ගණනක පිරිසක් මියගොස් ඇති අතර ඉන් ඇතැම් මරණ අමානුශික හා ම්ලේච්ඡ ආකාරයෙන් සිදුව ඇති බවය. කෙසේ වෙතත් අමෙරිකාවට හා ඊශ්‍රායලයට සම්බන්ධ පිරිස් විසින් සිය රටට විශාල හානියක් සිදු කළ අතර ඔවුන් මෙම මරණවලට වගකිව යුතු බව ඉරාන ආධ්‍යාත්මික නායකයා සඳහන් කර තිබේ. ඉරාන ජාතියට සිදු කළ හානිය හේතුවෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අපරාධකරුවෙකු ලෙස සළකන බව ද අල් කමේනි ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ