Sri Lanka
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් වර්ජනයකට යන ලකුණු
22 | 2026-01-19 09:00 AM
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක නිරත වීමට රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය තීරණය කර තිබේ. ලබන 21 වනදා පෙරවරු 8.00 සිට පැය 24ක කාලයක් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව එම සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම මහතා පවසයි. මාලිගාවත්ත විශේෂිත වකුගඩු රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් පියවර නොගැනීමට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව ඔහු ප්‍රකාශ කළේය. සිය වැඩවර්ජනය සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී සෞඛ්‍ය අමාත්‍යංශයට ලිඛිත දැනුම්දීම් සිදුකළ ද ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් නොලැබීම හේතුවෙන් වර්ජන ක්‍රියාමාර්ගයේ නිරත වීමට සිදුවන බව චානක ධර්මවික්‍රම මහතා වැඩිදුරටත් පෙන්වාදෙයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ