Sri Lanka
පාකිස්තානයත් මතභේදාත්මක තීරණයක් ගන්න සැරසෙයි?
28 | 2026-01-19 09:13 AM
එළැඹෙන විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීම සඳහා ඉන්දියාවට යනවාද ? නැද්ද ?... පිළිබඳ අවසන් තීරණය ජනවාරි 21 වනවිට දැනුම්දෙන ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය බංග්ලාදේශයට දැනුම්දී ඇත. බංග්ලාදේශ ක්‍රිකට් බලධාරීන් හා ICC නියෝජිතයන් අතර ඊයේ (17) ඩකාහිදී පැවති සාකච්ඡාවෙන් අනතුරුව මේ බව දැනුම්දී තිබේ. මෙම සාකච්ඡාවේ දී බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය ICC නියෝජිත මණ්ඩලයට දැනුම්දී ඇත්තේ, තමන් විස්සයි20 ලෝක කුසලානය ක්‍රීඩා කිරීමට කැමති බවය. එහෙත් ඒ සඳහා ඉන්දියාවෙන් පිටත ස්ථානයක් දිගින් දිගටම ඉල්ලන ඔවුන් සිය ස්ථාවරය වෙනස්කර නොමැත. මේ අතර බංග්ලාදේශ සිද්ධිය පදනම් කරගනිමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනයද මෙවර ලෝක කුසලානයට සහභාගී වීම පිළිබඳ යළි සලකා බැලීමේ තීරණක් ගැනීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. කිසිදු රටක් සත්කාරක පීඩනයට මුහුණ නොදිය යුතු බව පාකිස්තානය අවධාරණය කරන අතර, ඒ හේතුවෙන් අසල්වැසියන්ට පූර්ණ සහයෝගය ලබා දෙන බවට සහතික වී ඇති බවත් සඳහන්.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ