Sri Lanka
ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටී බිහිසුණු අනතුරක්
29 | 2026-01-19 09:16 AM
ස්පාඤ්ඤයේ අධිවේගී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරින් පුද්ගලයින් 21ක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඊයේ (18) දින සවස් වරුවේ සිදුව ඇති මෙම අනතුරින් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බවත් වාර්තා වේ. කොර්ඩෝබා නගරයට ආසන්නව පිහිටි ඇඩමුස් නගරය අසලදී මෙම සිදුවීම සිදුව ඇති අතර මාලගා සිට මැඩ්රීඩ් දක්වා ගමන් කරමින් තිබූ අධිවේගී දුම්රියක් පීලි පැන අසල මාර්ගයකට කඩා වැටී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එමෙන්ම මේ සමග මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය වූ තවත් දුම්රියක්ද පීලි පැනීමකට ලක්ව ඇති බවත් එම මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. අනතුරින් පසු මැඩ්රිඩ් සහ ඇන්ඩලූසියා අතර සියලුම දුම්රිය සේවා අත්හිටුවා ඇති අතර මාලගා සිට ධාවන වූ දුම්රිය තුළ මගීන් 300කට ආසන්න සංඛ්‍යාවක් සිට ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා හී සඳහන්ව ඇත. එමෙන්ම මැඩ්රිඩ් සිට හුවෙල්වා දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියේ රියදුරුද අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඇතැම් පාර්ශ්වයන්ගේ තත්ත්වය බරපතළ බවද වාර්තා කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ