Sri Lanka
නැගෙනහිර පළාතේ රෝහල්වල වෛද්‍ය වර්ජනයක්
28 | 2026-01-19 09:18 AM
තෛපොංගල් උත්සවය හේතුවෙන් තාවකාලිකව අත්හිටවූ නැගෙනහිර පළාතේ රජයේ රොහල්වල වෛද්‍ය වර්ජනය අද (19) යළි ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. ඒ අනුව අද පෙ.ව. 8.00 සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල මෙම වෛද්‍ය වර්ජනය ක්‍රියාත්මක වේ. ඔවුන්ගේ ඉල්ලීම්වලට රජයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් නැවත මෙසේ වැඩ වර්ජනය ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පැවසීය. අක්කරෙයිපත්තුව මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනාවලට අදාළව ඔහු එම ධුරයෙන් ඉවත් කර සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පසුගිය අඟහරුවාදා දිනයේ සිට නැගෙනහිර පළාතේ සියලුම රජයේ රෝහල්වල වෛද්‍යවරු මෙම වර්ජනය ආරම්භ කර තිබුණි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ