Sri Lanka
නවගමුවේ වෙඩිතැබීමට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
23 | 2026-01-19 09:24 AM
නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී ඉකුත් 1වනදා රාත්‍රියේ එල්ල වූ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන් තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ. විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව කැලණිය, කොහොල්විල ප්‍රදේශයේදී ඊයේ (18) මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. අදාළ සැකකරු අපරාධකරුවන් පැමිණි වෑන් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 19ක් වන කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. නවගමුව, කොරතොට මැණිකාගාර පාර ප්‍රදේශයේ දී නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු ඉලක්කකර මෙම වෙඩිතැබීම සිදුව තිබූ අතර, එහිදී එක් අයෙකු මියගොස් අනෙක් දෙදෙනාට බරපතළ තුවාල සිදුවිය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ