Sri Lanka
චිලි රාජ්‍යයේ දරුණු ලැව්ගිනි හේතුවෙන් පුද්ගලයින් 18ක් මරුට
27 | 2026-01-19 09:29 AM
චිලී රාජ්‍යයේ පැතිර යන දැවැන්ත ලැව්ගිනි හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. පැතිර යන ගින්න හේතුවෙන් චිලී රාජ්‍යයේ ජනාධිපති ගේබ්‍රියෙල් බොරික් එරට දකුණු පළාතේ කලාප දෙකක ව්‍යසනකාරී තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති අතර එම ප්‍රදේශ ආශ්‍රිතව පුද්ගලයින් 20,000ක් පමණ ඉවත් කිරීමටද පියවර ගෙන තිබේ. එරට වණ සංරක්ෂණ ඒජන්සියට අනුව ඊයේ (19) උදෑසන වන විටත් එරට ගිනි නිවන සේවකයින් මෙම දරුණු ලැව්ගිනි මැඩපැවැත්වීමේ කටයුතුවල නිරතව ඇති අතර එරට මාධ්‍ය වාර්තා කර ඇත්තේ විශාලතම ලැව්ගිනි ඇතිව ඇත්තේ රජය විසින් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත් කර ඇති උබල් සහ බියෝ ප්‍රදේශවල බවය. මෙම කලාප එරට අගනුවර වන සන්තියාගෝ සිට කිලෝමීටර 500ක් පමණ දකුණු දෙසින් පිහිටා තිබේ. පැතිර යන ගින්නෙන් මේ වන විට කලාප දෙකහි හෙක්ටයාර 8,500ක් පමණ ගින්නෙන් විනාශ වී ඇති අතර අවම වශයෙන් නිවාස 250ක් ගින්නෙන් විනාශයට පත්ව ඇති බවත් එරට මාධ්‍ය වාර්තා කර තිබේ. බලධාරීන් විසින් එම ප්‍රදේශ ආශ්‍රිතව ජීවත්වන ජනතාවට ඉවත්ව යාමේ නියෝගද ප්‍රකාශයට පත් කිරීමට පියවර ගෙන ඇති අතර ලැව්ගිනි මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ ඒකක අඛණ්ඩ උත්සාහයක යෙදෙන බවත් මාධ්‍ය වාර්තා කර ඇත. දැඩි සුළං සහ අධික උෂ්ණත්වය වැනි තත්ත්වයන් මෙම ලැව්ගිනි පැතිරීමට හේතු වී ඇති අතර පවතින තත්ත්වයන් යටතේ ලැව්ගිනි පාලනයද සංකීර්ණ වී ඇතැයි බලධාරීන් පවසා ඇතැයිද සඳහන් වේ. එමෙන්ම ලැව්ගිනි හේතුවෙන් එරට බොහෝ ප්‍රදේශවල උෂ්ණත්වයද ඉහළ ගොස් ඇති අතර ඒ හේතුවෙන් දැඩි තාප අනතුරු ඇඟවීම් නිකුත් කිරීමටද පියවර ගෙන ඇති අතර එරට සන්තියාගෝ සිට බියෝ බියෝ දක්වා උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් දක්වා ඉහළ යනු ඇතැයිද අපේක්ෂා කර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ