Sri Lanka
නවීන පන්නයේ පිස්තෝල‍යක් සමඟ අත්අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්
49 | 2025-08-30 11:25 PM
මිලි මීටර් නවය වර්ගයේ නවීන පන්නයේ පිස්තෝල ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් වාහන අලුත්වැඩියා ස්ථානයක හිමිකරුවකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ. ටෙන්ඩර් මගින් රජයේ වාහන අළුත්වැඩියා කටයුතු සදහා භාර ගන්නා ස්ථානයක හිමිකරුවකු වන සැකකරු අදාළ ගිනි අවිය සමග බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. අළුත්වැඩියාව සදහා රැගෙන ආ විදුලිබල මණ්ඩලයට අයත් රථයක් තුළ තිබී එහි සේවකයෙකුට මෙම ගිනි අවිය හමුවී ඇති අතර පසුව එය මාස අටක පමණ කාලයක් මෙම සැකකරු සතුව තිබී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වූ බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාශය ප්‍රකාශ කළේය. මෙම ගිනි අවිය නවීන පන්නයේ ගිනි අවියක් වන බැවින් ඒ පිළිබඳව විමර්ශන කටයුතු සිදු කර යම් අපරාධයක් සදහා එය භාවිත කර ඇත්ද යන්න පිළිබඳව අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙස එහිදී කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා දැනුම් දුන්නේය. අනතුරුව සැකකරු සැප්තැම්බර් මස 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ