Sri Lanka
විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම් ගැන සාකච්ඡා
33 | 2026-01-19 12:44 PM
ජාතික සහ පළාත් පාසල්වල විදුහල්පතිවරුන්ගේ ස්ථාන මාරු ක්‍රියාත්මක කිරීම සහ ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් පාසැල්වල පවතින මානව සම්පත් ඌනතාවය පිළිබඳ අනුකාරක සභාවේදී සාකච්ඡාවට ලක්ව තිබේ. ඒ, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ පත් කරන ඇති මෙම අනුකාරක සභාව පසුගියදා එහි සභාපති නියෝජ්‍ය අමාත්‍ය කෞෂල්‍යා ආරියරත්න මෙනවියගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අවස්ථාවේදීය. එහිදී විදුහල්පති පළමුවන ශ්‍රේණියේ විදුහල්පති තනතුරේ සිටින සියලු නිලධාරීන් විදුහල්පති තනතුරම පමණක් දැරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එමෙන්ම සියලු සේවාවන්හි අවුරුදු හයක සේවා කාලයෙන් අනතුරුව ස්ථාන මාරුවීම්වලට යටත් කිරීම ඇතුළු යෝජනා ගණනාවක් සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු වූ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. එහිදී අධ්‍යාපනයට අදාළ වෘත්තීය සේවාවන් පහේම සුදුසුකම් සහ තනතුරු අනුව ස්ථානගතකර ඇති ආකාරය දැක්වෙන සහ ඉදිරි වසර 5 සඳහා පවතින පුරප්පාඩු පුරෝකථනය කළ හැකි වන පරිදි නව ඩිජිටල් දත්ත ගබඩාවක් සකස් කිරීම ඇතුළු කාරක සභාව විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. මේ අනුව මෙම යෝජනා පිළිබඳ අමාත්‍යාංශයේ ද යෝජනා සහ අදහස් මාස දෙකක් තුළ කාරක සභාවට යොමු කරන ලෙසත් නිලධාරීන්ට දැනුම් දෙන ලදී. අනතුරුව මීට අදාළ අවසන් නිර්දේශ සකස් කිරීමට නියමිත බවත් අනුකාරක සභා සභාපතිවරිය වැඩිදුරටත් දැනුම් දුන්නාය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ