Sri Lanka
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට
39 | 2026-01-19 12:49 PM
එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකාවේ ක්‍රිකට් තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණ තිබේ. නිලධාරීන් සහ ක්‍රීඩකයින්ගෙන් 28 දෙනෙකුගෙන් සමන්විත එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම අද උදෑසනය 08.20ට ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව සිව් දෙස ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවේය. ඔවුන් එක් දින ක්‍රිකට් තරග 03කට සහ විස්සයි විස්ස ක්‍රිකට් තරග 03කට සහභාගී වීමට නියමිතය. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම පිළිගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ