Sri Lanka
දිවයින පුරා මූල්‍ය වංචා රැසක් සිදු කළ අයෙක් කොටු
33 | 2026-01-19 12:52 PM
රට පුරා විවිධ ව්‍යාපාරික ස්ථානවලට යමින් එහි සේවකයින් සූක්ෂම අයුරින් රවටමින් මුදල් ලබා ගත් තරුණයෙකු අද (19) උදෑසන කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, වයස අවුරුදු 42ක අයෙකු වන අතර රත්මලාන ප්‍රදේශයේ පදිංචි අයෙක් බව පොලීසිය සඳහන් කරයි. මොහුගේ වංචා පිළිබඳව රත්මලාන, ගල්කිස්ස, මහරගම, තිස්සමහාරාම ආදී දිවයිනේ පොලිස් ස්ථාන විශාල ප්‍රමාණයකට පැමිණිලි ලැබී ඇත. සැකකරු විවිධ ව්‍යාපාරික ස්ථානවලට ගොස් එහි මුදල් අයකැමිවරුන් ඉතා සූක්ෂම අන්දමින් රවටමින් ඔවුන්ගෙන් මුදල් ලබාගෙන ඒවා මත්ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා වියදම් කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කොට්ටාව පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර සැකකරු අද (19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ