Sri Lanka
06 ශ්‍රේණිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වසරේම ඉල්ලා ඉසුරුපාය ඉදිරිපිට නිහඬ විරෝධයක්
61 | 2026-01-19 12:59 PM
තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා දෙමාපියන් පිරිසක් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අඛණ්ඩ නිහඩ විරෝධතාවක් ආරම්භ කර තිබේ. 06 ශ්‍රේණිය දෙමාපිය එකමුතුව ලෙස සංවිධානය වු මව්පියන් පිරිසක් මෙම විරෝධතාව ආරම්භ කර ඇති බව සිව් දෙස වාර්තාකරු පැවසුවේය. එම නිහඩ විරෝධතාව අද (19) පෙරවරුවේ සිට ආරම්භ විය. මේ අතර තාවකාලිකව නතර කරන ලද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යළි ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ප්‍රදේශ රැසක විරෝධතා සංවිධානය කර තිබේ. පොලොන්නරුව සහ ගාල්ල ඇතුළු ප්‍රදේශ රැසක එම විරෝධතා පැවැත්වෙන බව සිව් දෙස වාර්තාකරුවන් පැවසුවේය. කෙසේවෙතත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ පවතින ගැටලුව සම්බන්ධයෙන් නිසි අවබෝධයක් නොමැතිව එම දෙමාපියන් විරෝධතාවයේ නිරතව සිටින බව විදුහල්පති ශ්‍රේණිධාරීන්ගේ සංගමයේ ලේකම් නිමල් මුදුන්කොටුව මහතා සඳහන් කළේය. එමෙන්ම මේ පිළිබඳව අදහස් දක්වමින් සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති පූජ්‍ය යල්වෙල පඤ්ඤාසේකර හිමියන් පැවසුවේ මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ ඇතිවු ගැටලු නිවැරදි කර ගනිමින් නව සංශෝධන හරහා ඉදිරියට ගෙන යා යුතු බවය. මේ අතර ප්‍රශස්ත අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් ගෙන එන්නැයි රජයට බලකරමින් සමගි ජන බලවේගය සංවිධාන කළ පන්දම් විරෝධතාවක් රුවන්වැල්ල කන්නත්තොට ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රියේ පැවැත්විණි. එම ස්ථානයට පැමිණි පිරිසක් විරෝධතාකරුවන්ට බාධා කිරීමත් සමඟ එහි නොසන්සුන් තත්ත්වයක්ද ඇති විය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ