Sri Lanka
වසරේ ගෙවුණු කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් මරණ 257ක්
193 | 2025-08-30 11:28 PM
වසරේ මේ දක්වා කාලය තුළ දියේ ගිලී සිදුවූ අනතුරුවලින් පුද්ගලයින් 257 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ ඒ අතරට කාන්තාවන් 37 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 220 දෙනෙකු ඇතුළත් වන බවය. මේ අතර දියේ ගිලී සිදුවූ අනතුරුවලින් දේශීය සංචාරකයින් 69 දෙනෙකු සහ විදේශීය සංචාරකයින් 33 දෙනෙකු පොලිස් ජීවිතාරක්ෂක කොට්ඨාසය විසින් බේරා ගැනීමට සමත්වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ