Sri Lanka
ඉන්දියාවේ ප්‍රබල භූකම්පනයක්
57 | 2026-01-19 02:15 PM
ඉන්දියාවේ වයඹදිග කාෂ්මීර් ප්‍රදේශයේ ප්‍රබල භූකම්පනයක් සිදුව තිබේ. කිලෝමීටර් 35ක් පමණ ගැඹුරින් වු භූකම්පනය රිච්ටර් මාපකයේ ඒකක 06ක ප්‍රබලත්වයක් සටහන් කර ඇති බව වාර්තා වේ. එරට වේලාවෙන් අද (19) පෙරවරු 11.51ට පමණ මෙම භූකම්පනය හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එය ප්‍රදේශ කිහිපයකට දැනී ඇති අතර ඉන් සිදුවු හානි පිළිබඳව මෙතෙක් වාර්තා වී නොමැති බව ද සඳහන්. කෙසේවෙතත් අදාළ ප්‍රදේශයේ තවත් පසු කම්පන ඇති වීමේ අවදානම පවතින බැවින් ඒ පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ඉන්දීය භූ කම්පන ජාතික මධ්‍යස්ථානය දැනුම්දීමක් සිදුකර තිබේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ