Sri Lanka
නිවසේ සේවිකාව නිරුවත් කරමින් වීඩියෝ කළ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයා අත්අඩංගුවට
30 | 2026-01-19 03:05 PM
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ කාන්තාවක් අපයෝජනයකට ලක් කරන වීඩියෝපටයක් සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (18) හික්කඩුව ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ හෝටලයක සැඟවී සිටියදී එම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වයස අවුරුදු 43 ක් වන ෆෙයාෆීල්ඩ් වත්ත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව සඳහන් වේ. සැකකරුට ආධාර අනුබල ලබාදුන් හා පොලීසියට සාක්ෂි වසන් කරන ලද අවුරුදු 44 ක් හා 55 ක් වන ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකු ද මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත. පිරිමියෙකු විසින් කාන්තාවක් නිරුවත් කරන ආකාරයේ වීඩියෝපටයක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වී තිබේ. එම සිද්ධිය සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරියගේ උපදෙස් හා නියෝග පරිදි සිදුකළ විමර්ශන අනුව අදාළ වින්දිත පාර්ශවයන් හඳුනාගෙන ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සැකකරු සිය නිවසේ සේවිකාවක් වශයෙන් කටයුතු කරන ලද කාන්තාවක්, පිරිසක් ඉදිරියේ එම නිවසේදී නිරුවත් කර එය වීඩියෝ පටිගත කර වට්ස් ඇප් සමූහයක් ඔස්සේ සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති බවටය. මෙම සැකකරු සම්බන්ධව පොලීසිය විසින් අළුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර විදේශ ගමන් තහනම් නියෝගයක් ද ලබා ගෙන විමර්ශන සිදු කරගෙන ගොස් ඇති අතර සැකකරු සිද්ධියෙන් පසුව පොලීසිය මඟ හරිමින් ප්‍රසිද්ධ හෝටල් කිහිපයක නවාතැන් ගෙන සිටි බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ