Sri Lanka
හලාවතින් මුහුදු ගිය ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්
32 | 2026-01-20 08:04 AM
ධීවර රැකියාව සඳහා මුහුදු ගිය හලාවත වැල්ල ගම්මානයේ ධීවරයින් දෙදෙනෙකු අතුරුදන්ව තිබේ. මෙම ධීවරයින් දෙදෙනා ඊයේ(19) අලුයම 2ට පමණ එක්දින ධීවර යාත්‍රාවකින් මුහුදු ගොස් ඇති අතර මොවුන් ගිය ධීවර යාත්‍රාව මුහුදේ පාවෙමින් තිබියදී තවත් ධීවර යාත්‍රාවක සිටි ධීවරයින් විසින් දැක එය ගොඩබිමට දැනුම් දී ඇත.මෙම දැනුම්දීමෙන් අනතුරුව මෙම ධීවරයින් සෙවීම මේ වන විට ආරම්භ කර තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ හලාවත වැල්ල කරුස පාඩුව පදිංචි 40 සහ 44 හැවිරිදි ධීවරයින් දෙදෙනෙකි.ඔවුන් මුහුදු ගිය ධීවර යාත්‍රාව මේ වන විට ගොඩබිමට රැගෙන විත් ඇති අතර සිද්ධිය පිළිබඳව හලාවත වැල්ල ධීවර සමිතිය විසින් ශ්‍රී ලංකා නාවික හමුදාවට හා ධීවර දෙපාර්තමේන්තුවට දැනුම් දීමක්ද සිදුකර ඇත.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ