Sri Lanka
දියඹේදී අසාධ්‍ය වූ ධීවරයෙකුගේ දිවි බෙරා ගන්න නාවික හමුදාවේ සහාය
23 | 2026-01-20 08:12 AM
දකුණු මුහුදේ දී අසාධ්‍ය ත්ත්වයෙන් බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙකු ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා යොමු කිරීමට නාවික හමුදා ඊයේ (19) උදෑසන කටයුතු කර තිබේ. කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් මෙම මෙහෙයුම සිදුකර ඇති අතර අසාධ්‍ය වූ ධීවරයාව නාවික හමුදා යාත්‍රාවක් මඟින් කඩිනමින් ගොඩබිමට රැගෙනවිත් ප්‍රතිකාර සඳහා ගාල්ල, කරාපිටිය ශික්‍ෂණ රෝහල වෙත යොමු කර තිබේ. ‍ගාල්ල ධීවර වරායෙන් පසුගිය දෙසැම්බර් 25 වනදා ධීවරයින් හත්දෙනෙකු රැගත් ‘සිනූෂ’නැමති බහුදින ධීවර යාත්‍රාව ශ්‍රී ලංකාවට දකුණ දෙසින්, නාවික සැතපුම් 474ක් දුරින්වූ ගැඹුරු මුහුදේ ධීවර කටයුතු සිදුකරමින් සිටියදි එහි සිටි ධීවරයෙකු තදබල පපුවේ වේදනාවක් හේතුවෙන් අසාධ්‍ය තත්වයට පත්ව ඇත. එම ධීවරයා වෙත ප්‍රතිකාර ලබාදීම සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදාවේ සහය ලබාදෙන ලෙස, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව විසින් කොළඹ නාවික අනුඛණ්ඩයේ පිහිටි සමුද්‍රීය සෙවීම් හා මුදා ගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත සිදුකළ දැනුම්දීමකට ක්‍ෂණිකව ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව, දුරකථන මඟින් රෝගියාට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දී, රෝගියා ආසන්නතම ධීවර වරායක් වෙත රැගෙන ඒමට දැනුම්දී, එම රෝගියා කඩිනමින් ගොඩබිමට රැගෙන ඒම සඳහා, දකුණු නාවික විධානයට අයත් යාත්‍රාවක් එම මුහුදු ප්‍රදේශය‍ වෙත යොමු කර ඇත. ඒ අනුව, අසාධ්‍ය තත්ත්වයේ සිටි ධීවරයාගේ දිවි බේරා ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ