Sri Lanka
මනුෂගේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉල්ලා අස්කරගනී
22 | 2026-01-20 08:56 AM
කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ. පෙත්සම ඊයේ (19) එස්. තුරෙයි රාජා මහතා ප්‍රමූඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණි. එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් සහ ජනාධිපති නීතිඥ ලක්මාලි කරුණානායක මහත්මිය කරුණු දක්වමින් මෙම නඩුකරයට අදාළ සීමිත විරෝධතා වග උත්තරකරුවන් වෙනුවෙන් තමන් ගොනුකර ඇති බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ දිවුරුම් ප්‍රකාශයක් ද වග උත්තරකාර පාර්ශවය විසින් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි. පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවා දායකයා මෙම අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් නොකරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බව සඳහන් කළේය. ඒ අනුව පෙත්සම පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම ඉල්ලා අස් කර ගැනීමට අවසර ලබා දුන් බව සිව් දෙස වාර්තාකරු සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ