Sri Lanka
කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි
29 | 2026-01-20 08:59 AM
කොළඹ තුන්මුල්ලේ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය අවට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදුකිරීමේ චෝදනාව මත විමල් වීරවංශ මහතා ඇතුලු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුවේ විමර්ශන සිදුකළ කුරුඳුවත්ත පොලිසීයේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ. නඩුව ඊයේ(19) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කැඳවු අතර එහිදි කුරුඳුවත්ත පොලීසියේ මෙහෙයවීම යටතේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් පැමිණිල්ලේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු කෙරුණි. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කුරුඳුවත්ත පොලීසියේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට මාර්තු 09 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා නොතීසි නිකුත් කර තිබේ. මේ අතර දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් හිටපු ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතාට එරෙහිව ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය පෙබරවාරි 03 කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා. කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් නිහාල් මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවු බවයි සිව් දෙස වාර්තාකරු පැවසුවේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ