Sri Lanka
ගල්අඟුරු වාර්තාවේ දත්ත වෙනස් කිරීමට බලපෑම්?
26 | 2026-01-20 09:01 AM
ප්‍රමිතියෙන් තොර බවට චෝදනා එල්වන ගල්අඟුරු තොගවල ගුණාත්මකභාවය පිරික්සන පරීක්ෂණ වාර්තාවේ දත්ත වෙනස් කිරීමට ආණ්ඩුව බලපෑම් එල්ල කිරීම, මෙතෙක් එම වාර්තාව නිකුත් නොකිරීමට හේතුව බවට පාර්ශ්ව කිහිපයක් රජයට චෝදනා කරයි. මේ අතර නොරොච්චෝලේ බලාගාරය සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (19) පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද එම මණ්ඩලය අවලංගු කර තිබුණි. එම මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මෙම ගල් අඟුරු අර්බුදය සම්බන්ධයෙන්ද කරුණු දැක්වීමට නියමිතව තිබූ බවය. නොරොච්චෝලේ ලක්විජය බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන්වීමෙන් රුපියල් කෝටි දහසකට ආසන්න පාඩුවක් සිදුව ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි ඩී.වී.චානක මහතා පසුගියදා පාරිලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. මේ ප්‍රකාශයත් සමඟ රට තුළ ඇතිවූයේ ආන්දෝලනාත්මක තත්ත්වයකි. කෙසේ වෙතත් බලශක්ති අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ ගොඩබෑම් වරායේ තත්ත්ව පරීක්ෂණ වාර්තාව මෙතෙක් නිකුත් වී නොමැති නිසා ගල්අඟුරුවල ගුණාත්මකභාවය පිළිබඳ නිවැරදි අදහසක් පළ කිරීමට නොහැකි බවය. එසේම ගිවිසුමට අනුව ගල්අඟුරුවල ගුණාත්මකභාවය පහත මට්ටමක ඇත්නම් දඩමුදල් අයකරන බවත් එම නිවේදනයේ දැක් වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ