Sri Lanka
හයේ ඉංග්‍රීසි මොඩියුලයේ ගැටලුවට හේතුව හෙළිවෙයි - NIE පත්වීම් දේශපාලන ළැබැඳියාවක් නිසා ද ?
58 | 2026-01-20 09:06 AM
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අවසාන මොහොතේ කළ සංශෝධනය නිසි ක්‍රමවේදයෙන් තොරව සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. ජාතික අධ්‍යාපන ආයතනය විසින් පත්කරන ලද පරීක්ෂණ කමිටුව විසින් මේ බව අනාවරණය කරගෙන ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේය. 06 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලයට අසභ්‍ය වෙබ් අඩවියක නමක් ඇතුළත් වීම සම්බන්ධයෙන් සොයා බැලීමට ජාතික අධ්‍යාපන ආයතනය විසින් මූලික පරීක්ෂණ කමිටුවක් පත්කරනු ලැබීය. එම පරීක්ෂණ කමිටු වාර්තාවට අනුව ජාතික අධ්‍යාපන ආයතනයේ නිලධාරිනියන් දෙදෙනෙකුගේ වැඩතහනම් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වුණි. ඊට අමතරව ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අනිවාර්ය නිවාඩු යැවීමට ද පියවර ගෙන තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා, "මේ ගැන පරීක්ෂණ කරන්න ජාතික අධ්‍යාපන ආයතනයෙන් කමිටුවක් පත්කළා. ඒ අනුව 8 දෙනෙකුගෙන් ප්‍රකාශ කරගෙන තියෙනවා. ඉන් තිදෙනෙකුට විනය ක්‍රියාමාර්ග ගන්න යෝජනා කරලා තියෙනවා. ඒ විනය ක්‍රියාමාර්ග දැන් ක්‍රියාත්මකයි. පොතක් ගහනකොට 12 පාරක් මේක චෙක් වෙනවා. ඊට පස්සේ තුන්පාරක් සෝදුපත් බලනවා. ඊට පස්සේ NIE එකෙන් proof reading කරනවා. ඊට පස්සේ අවසන් කොපිය බලනවා ප්‍රින්ට් කරන්න කලින්." මෙච්චර ක්‍රමවේදයක් තිබුණා කවුරුත් දැක්කේ නැත්තේ ඇයි ? මේක පිටුපස කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් ද ? "කුමන්ත්‍රණයක් වුණාද කියලා හොයන එක ඉතාම තර්කානුකූලයි. පරීක්ෂණයේ ප්‍රතිඵලය තමා මේ තියෙන සම්පූර්ණ ක්‍රියාවලිය අවසාන මොහොතේ දී අනුගමනය කරන්නේ නැතුව කරපු සංශෝධනයක් නිසා. මේ හරහා ගිහින් තමා මොඩියුල කරලා තියෙන්නේ, හැබැයි අවසාන මොහොතේ කරන සංශෝධනය මේ හරහා ගිහින් නෑ." අදාළ නිලධාරීන්ගේ සුදුසුකම් ප්‍රමාණවත් නොවුණ ද ඔවුන්ට ජාතික අධ්‍යාපන ආයතනයේ ස්ථීර පත්වීම් ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ද බිමල් රත්නායක අමාත්‍යවරයා එහිදී පිළිතුරු ලබාදුන්නේය. සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රශ්න සහගත තත්ත්වයක් ගැන පැහැදිලි තොරතුරු හෙළිදරව් වී තියෙන නිලධාරීන් දෙදෙනෙක් මේ වගේ ජනතාවගේ ඡන්දයෙන් පත්වුණ ආණ්ඩුවක් සිරකිරීම ප්‍රශ්න සහගතයි. එතැන එක් අයෙකුගේ දුවක් පන්නල ප්‍රාදේශීය සභාවට මාලිමාවට ඡන්දය ඉල්ලනවා. දේශපාලන ළැබැඳියාවක් නිසාද මේ අය ස්ථිර වෙන්නේ ? "කොහෙත්ම නෑ. අපි එහෙම බල බල වැඩ කරන්නේ නෑ. ඉතා පැහැදිලියි එයා ඡන්දය ඉල්ලුවත් නැතත් එයා අපේ පක්ෂය පටන් ගත්ත කෙනා වුවත්, මට සියයට දාහක් කියන්න පුළුවන් අපි කිසිම ආකාරයෙන් මැදිහත් වෙන්නේ නෑ. මෙතෙන වැරැද්දක් සිදුවෙලා තියෙනවා නේ මට තේරෙන විදියට ඔහුගේ සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය වෙනම එකක් ඒක මේකට බලපාලා ඇති සුදුසුකම් අඩු අය වැඩක් කරද්දි සිදුවෙන වැරදි තියෙනවා. නමුත් මේක අපිට පේන දේ තමයි මෙතැන බරපතළ වැරැද්දක් වෙලා තියෙනවා. මුළු මොඩියුලය දිහා බැලුවට පස්සේ පේනවා දරුවන් අසැබි දෙයකට යොමුකිරීමේ අරමුණින්, වෙන වෙන තැන්වල දේවල් එකතු කරලා නෑ. ඒකයි මම සජිත් ප්‍රේමදාස මහත්තයාට අභියෝග කරන්නේ මේ සතියේ බැරි නම් පෙබරවාරියේ පෙන්නන්නකෝ ඔය මොඩියුලයේ ලින්ක් එක ඇරුණහම ඒ මොඩියුලයේ වෙන අසැබි දෙයක් නෑ."

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ