Sri Lanka
කෝටි විසි අටකට අධික මුදල් සමග සැකකරුවෙකු අත්අඩංගුවට
25 | 2026-01-20 09:09 AM
නීතිවිරෝධි ලෙස උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් 283,300,000 මුදලක් හා වාහන දෙකක් සමඟ සැකකරුවෙකු මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (19) සිදු කළ විශේෂ වැටලීමක දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 40ක් වන ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විදෙස්ගතව සැඟව සිටින බවට සැක කරන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ මෙම සැකකරු දුරකථන මඟින් සම්බන්ධතා පවත්වමින්, එම ජාවාරම්කරුගේ උපදෙස් අනුව මෙරට සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් මෙම මුදල් එකතු කර ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එමෙන්ම අදාළ වාහන මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගන්නා ලද මුදලින් මිල දී ගෙන ඇති බවට ද දැනට සිදු කරන ලද විමර්ශනවලදී හෙළි වී ඇත. සැකකරු අද (20) කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ