Sri Lanka
අස්වැසුම යෝජනා ක්‍රමය ගැන පාර්ලිමේන්තු විවාදය අද
37 | 2026-01-20 09:15 AM
සුබසාධන ප්‍රතිලාභ පනත යටතේ අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමය පිළිබඳ විවාදය අද (20) පාර්ලිමේන්තුවේ දී පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 11.30 සිට පස්වරු 5 දක්වා එම විවාදය පැවැත්වෙන බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කර සිටී. මෙම සතිය සඳහා අද පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත. හෙට දිනයේ දී දිට්වා සුළි කුණාටුවට මුහුණදීම සඳහා පූර්ව සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් සිදුකර වාර්තා කිරීමටත් ඒ පිළිබද සිය යෝජනා සහ නිර්දේශ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් වන විශේෂ කාරක සභාව පත්කිරීමේ යෝජනා සම්මතය අනුමැතිය සදහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. බ්‍රහස්පතින්දා දිනයේ දී ආණ්ඩු පක්ෂය විසින් ගෙනඑනු ලබන සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර සිකුරාදා දිනයේ විශ්වවිද්‍යාල සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ