Sri Lanka
ජින්තුපිටියේ වෙඩි තැබීමට 5ක් අත්අඩංගුවට
25 | 2026-01-20 09:19 AM
ජින්තුපිටිය ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර දරුවන් දෙදෙනෙකුට තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 05දෙනෙකු අත්අඩංගුවට තිබේ. ඊයේ (19) සහ පෙරේදා (18) දිනවලදී වෙරළබඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජින්තුපිටිය හා කොටහේන ප්‍රදේශවල සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත. ඒ අනුව මෙම අපරාධයට ආධාර අනුබල දිම සම්බන්ධයෙන් සැකකරුවෙකු හෙරොයින් ග්‍රෑම් 04 මිලිග්‍රෑම් 800ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවන් තිදෙනෙකු හා සැකකාරියක්ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසීය. සැකකාරිය අවුරුදු 49ක් හා සැකකරුවන් අවුරුදු 18, 33, 40 හා 43 වයස්වල පසුවන කොළඹ 13 ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකාරිය හා සැකකරුවන් ඊයේ (19) අළුත්කඩේ අංක 01 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඉන් එක් සැකකරුවෙකු සඳහා 23වනදා දක්වා රැඳවුම් නියෝග ලබා ගෙන තිබේ. අනෙක් සැකකාරිය හා සැකකරුවන් එළැඹෙන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. වෙරළබඩ පොලීසිය හා කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදුකරයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ