Sri Lanka
හෝමාගම ප්‍රා.සභාව රත්කළ විරෝධතාව
22 | 2026-01-20 11:30 AM
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සභිකයින් පිරිසක් අද (20) කලු පටි පැළද විරෝධතාවක නිරත විය. හෝමගම සතිපොල අසලට රැස් වූ එම පිරිස එම ස්ථානයේ සිට කලු පටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හෝමගම ප්‍රාදේශීය සභාව දක්වා පාගමනින් පැමිණ ඇති අතර සභා රැස්වීම ශාලාව වෙත ද පැමිණ එහිදී ද විරෝධතා පාඨ කියමින් සිය විරෝධය දක්වා ඇත. මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් එක්ව තිබේ

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ