Sri Lanka
වාහන ආනයන ආදායම ගැන රජයෙන් හෙළිදරව්වක්
55 | 2026-01-20 12:29 PM
මෙරටට වාහන ආනයනය කිරීම තුළින් රජය රු බිලියන 441ක් බලාපොරොත්තු වූ අතර, ඉන් බිලියන 904ක ආදායමක් මේ වනවිට රජයට ලැබී තිබේ. අද (20) පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර මහතා මේ බව සඳහන් කළේය. මෙහිදී දින 90ක් ඇතුළත ආනයනය කරන ලද වාහන රේගුවෙන් නිදහස් කිරීමට සඳහා 3%ක බද්දක් එකතු වන බවත් මාස 5ක කාලයක් තුළ මෙය 45%ක් පමණ දක්වා වැඩි වෙන බව අතර, එමඟින් පාරිභෝගියාට එම අමතර මුදල දැරීමට සිදුවන බවද රෝහිත අබේගුණවර්ධන මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේය. එයට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, වාහන ආනයනයේ දී ආනයනකරුවන් වෙත මෙම අධිභාරය පනවා ඇත්තේ, රට තුළ විදේශ විනිමය රඳවා ගැනීමේ‍ අපේක්ෂා කරන බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ