Sri Lanka
ලංකාවේ භාවිතයට නොගන්නා ඉඩම්වල වගා කිරීමට චීනයේ සැලසුම්
23 | 2026-01-20 12:42 PM
ශ්‍රී ලංකාව තුළ ආයෝජනයන් සිදුකිරීමට සැලසුම් කරමින් සිටින බව චීන වාණිජ මණ්ඩලය පවසයි. භාවිතයට නොගෙන ඇති ඉඩම් භාවිතයට ගනිමින් විශාල පරිමාණයේ කිරි නිෂ්පාදන ගොවිපොළවල් සහ අපනයනය ඉලක්ක කරගත් එළවළු, පලතුරු වැනි කෘෂි නිෂ්පාදන සිදු කිරීම ඔවුන්ගේ අරමුණ වී තිබේ. මෙහිදී ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සහ මහවැලි අධිකාරියට අයත් දැනට භාවිතයට නොගන්නා ඉඩම් මේ සඳහා යොදා ගැනීමට අවධානය යොමු වී ඇති බව සඳහන් වේ. කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා සහ චීන වාණිජ මණ්ඩලයේ නියෝජිත පිරිසක් අතර හමුවක් පසුගිය දා ගොවිජන මන්දිරයේ දී සිදුව ඇති අතර එහිදී ඔවුන් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් වන නිශ්චිත යෝජනාවලියක් චීන වාණිජ මණ්ඩලය විසින් ඉදිරිපත් කර අතර, එය අමාත්‍යවරයා වෙත මෙන්ම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ද ඉදිරිපත් කර තිබේ. එහිදී එම යෝජනාවලිය සම්බන්ධයෙන් අමාත්‍යවරයාගේ ධනාත්මක ප්‍රතිචාර ලැබී ඇති බව සඳහන් වේ

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ