Sri Lanka
කේරල ගංජා ජාවාරමක තොරතුරු හෙළිවෙයි
22 | 2026-01-20 12:44 PM
කැලණිය, අංගොඩ පාර ප්‍රදේශයේදී පොහොර බෑග් තුනක දමා තිබූ කේරල ගංජා කිලෝග්‍රෑම් 32ක් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් සියභාරයට ගෙන තිබේ. ලද තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී මෙම ගංජා තොගය සොයා ගෙන තිබුණේ, සැකකටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යෑමේදී, එහි සිටි සැකකරුවන් අදාළ ගංජා තොගය බිම දමා පලා යෑමේදීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාගේ අධීක්ෂණයෙන් කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති එස්. රත්නායක මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක වේ.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ