Sri Lanka
හොලිවුඩයේ වාර්තා අතරට එක්වූ Zootopia 2
61 | 2026-01-20 12:46 PM
හොලිවුඩයේ මෙතෙක් බිහි වූ විශාලතම සජීවිකරණ චිත්‍රපටය Zootopia 2 හෙවත් (Zootropolis 2) පත්ව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. Zootropolis 2 හොලිවුඩයේ මෙතෙක් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය බවට පත්ව ඇති අතර, එය ගෝලීය වශයෙන් Box Officeහි ඩොලර් බිලියන 1.7ක් උපයා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. Zootropolis 2 ගෝලීය Box Office ඉතිහාසයේ නවවන වඩාත්ම සාර්ථක චිත්‍රපටය බවද සඳහන් වෙයි. Zootropolis 2 හොලිවුඩ් වාර්තා බිඳ දැමූ චිත්‍රපටය වුවද, සමස්තයක් වශයෙන් වැඩිම ආදායමක් උපයාගත් සජීවිකරණ චිත්‍රපටය වන්නේ පසුගිය වසරේ ඩොලර් බිලියන 2.2 උපයාගත් චීනයේ Ne Zha 2 චිත්‍රපටයයි.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ