Sri Lanka
යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඕනැම අවස්ථාවක පෙනී සිටිනවා - සජිත්
20 | 2026-01-20 12:49 PM
විදේශ රැකියා ආයතන දෙකක් හේතුවෙන් 640කට වැඩි පිරිසක් අගතියට පත් වී ඇති අතර ඔවුන්ගෙන් රුපියල් කෝටි 86ත් 90ත් අතර මුදලක් අදාළ ආයතන විසින් වංචා කර ඇති බැවින් නැවත වරක් ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට කරුණු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. එමෙන්ම විපක්ෂ නායකවරයා පැවසුවේ මෙම පිරිසට අවශ්‍ය නීති සහාය මුදල් අය කිරීමකින් තොරව ලබාදෙන බවත් ඔවුන් වෙනුවෙන් සමගි ජන බලවේගය පෙනී සිටින බවත්ය. අද (20) නුගේගොඩ ගංගොඩවිල උසාවිය අසල දී අගතියට පත් පාර්ශ්වයන් විසින් පැවැත්වු සාමකාමී විරෝධතාවක් හා එක්වෙමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වූ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ යුක්තිය සාධාරණත්වය ඉටු කිරීමට ඕනැම අවස්ථාවක තමා පෙනී සිටින බවය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ