Sri Lanka
රුපියල් කෝටියක් වටින කුෂ් තොගයක් සමඟ කොළඹ ව්‍යාපාරිකයා මාට්ටු
26 | 2026-01-20 02:27 PM
රුපියල් කෝටියක් වටිනා 'කුෂ්' මත්ද්‍රව්‍ය තොගයක් රැගත් ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. අද (20) අලුයම මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන්තොටුපොළෙන් පිටකර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් සැකකරුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු කොළඹ, මරදාන ප්‍රදේශයේ පදිංචි ආහාර ද්‍රව්‍ය අලෙවි කිරීමේ ව්‍යාපාරයක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකු බව සඳහන් වෙයි. ඔහු මෙම 'කුෂ් ' මත්ද්‍රව්‍ය තොගය මැලේසියාවෙන් මිලදී ගෙන ඉන් සිංගප්පූරුව වෙත පැමිණ, එතැන් සිට අද අලුයම 12.45ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් - 468 දරන ගුවන්යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ ඇත. ඔහු විසින් රැගෙන ආ අත් බෑගය තුළ ඇසුරුම් 03ක් ලෙස සකස් කළ 'කුෂ්' මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 024ක ප්‍රමාණය සඟවා මෙරටට රැගෙන විත් තිබේ. සැකකරු සහ අදාළ මත්ද්‍රව්‍ය තොගය අද (20) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ