Sri Lanka
නොරොච්චෝලේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට
25 | 2026-01-20 02:29 PM
අලුත්වැඩියා කටයුතු හේතුවෙන් තාවකාලිකව ක්‍රියාවිරහිත කර තිබු නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ජනන යන්ත්‍ර සියල්ල යළි යථා තත්ත්වයට පත් කර තිබේ. ලක්විජය බලාගාරයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව ජනන යන්ත්‍ර තුනම මේ වන විට ජාතික විදුලි බල පද්ධතියට සම්බන්ධ කර ඇති බවය. ඒ අනුව මෙගාවොට් 900ක විදුලි ධාරිතාවක් මෙලෙස පද්ධතියට එක්කර ඇති බව ද සඳහන් වේ. පසුගිය නොවැම්බර් 03වන දින සාමාන්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ලක්විජය ගල්අගුරු බලාගාරයේ එක් ජනන යන්ත්‍රයක් ක්‍රියාවිරහිත කර තිබු අතර දෙසැම්බර් මස 20වන දින තවත් ජනන යන්ත්‍රයක් හදිසියේ ඇති වූ දෝෂයක් හේතුවෙන් අක්‍රීය විය. එම ජනන යන්ත්‍ර දෙකම මේ වන විට අලුත්වැඩියා කටයුතු කිරීමෙන් අනතුරුව සක්‍රීය තත්ත්වයෙන් පවතින බව ලංකා විදුලි බල මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ