Sri Lanka
රාජගිරියට නිවාස 300ක් - අලුත් කොන්ත්‍රාත්කරුවෙකුත් තෝරාගනී
27 | 2026-01-20 03:12 PM
රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය අනුමැතිය හිමිව තිබේ. ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ණය ආධාර යටතේ නිවාස ඒකක 4,074ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ උප ව්‍යාපෘති 06න් එක් උප ව්‍යාපෘතියක් වන රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා 2020-03-04 දින පැවති අමාන්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එම ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්කරුගේ දුර්වල කාර්යසාධනය හේතුවෙන් අදාළ කොන්ත්‍රාත් ගිවිසුම අවලංගු කර එකී ව්‍යාපෘතිය නැවත ක්‍රියාත්මක කිරීම සඳහා සුදුසු කොන්ත්‍රාත් කරුවකු තෝරා ගැනීම පිණිස ජාතික තරගකාරී ලංසු කැඳවීමේ ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා තිබේ. ඒ අනුව ඉදිරිපත් වී ඇති ලංසු 06 සම්බන්ධයෙන් ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ලබා දී ඇති නිර්දේශය මත පදනම්ව, රාජගිරිය, ඔබේසේකරපුර, අරුණෝදය මාවතේ නිවාස ඒකක 300ක් ඉදි කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කොන්ත්‍රාත්තුව පුද්ගලික ආයතයක් වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ