Sri Lanka
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ 13කට නීතිය ක්‍රියාත්මක වෙයි
26 | 2026-01-20 03:14 PM
නීතිවිරෝධීව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ සැකකරුවන් 13 දෙනෙකු කිලිනොච්චි වලෙයිපාඩු මුහුදේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ. උතුරු මැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනය මඟින්, කිලිනොච්චි වලෙයිපාඩු ප්‍රදේශයට ඔබ්බෙන්වු මුහුදු ප්‍රදේශයේ ඊයේ (19) අලුයම් කාලයේ‍ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක දී මෙම පිරිස කිමිදුම් කටයුතු සිදුකරමින් මුහුදු කූඩැල්ලන් අල්ලමින් සිටිය දී සිය භාරයට ගෙන ඇත්තේ මුහුදු කූඩැල්ලන් 1,108ක පමණ තොගයක් සමගිනි. එහිදී සැකකරුවන් සන්තකයේ තිබූ කිමිදුම් උපකරණ සහ ඩිංගි යාත්‍රා 4ක්ද නාවික හමුදා භාරයට ගෙන ඇත. සැකකරුවන් අවුරුදු 29 ත් 67 ත් අතර වයසේ පසුවන මන්නාරම, පල්ලිමුනේ, තොට්ටවේලි, සවුද්බාර් සහ එළුතූර් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවට හඳුනා ගෙන තිබේ. එම සැකකරුවන්, මුහුදු කූඩැල්ලන් තොගය, ඩිංගි යාත්‍රා සහ කිමිදුම් උපකරණ ඉදිරි නීතීමය කටයුතු සඳහා කිලිනොච්චි සහකාර ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දී ඇත

ඔබගේ අදහස්
වැඩිපුරම නරඹන පුවත්
වැඩිපුරම නරඹන වීඩියෝ
site-logo ජනපතිතුමන් ජාතිය අමතා කළ සුපිරි කතා ටික
site-logo අපක්ෂපාතී පුවත් වාර්තාකරණයේ සටහන
site-logo ඓතිහාසික දඹදෙණිය ශ්‍රි දළදා පුජොපහාර පෙරහැර 2025
site-logo ආණ්ඩුව යන්න කීවා අපි යනවා .
site-logo ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට 'Mephedrone' මත්ද්‍රව්‍ය සොයා ගැනේ