ගාල්ල දිස්ත්‍රික්කයේ නව දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි කේ.යූ. චන්ද්‍රලාල් මහතා පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ඒ දැනට එම ධුරයේ කටයුතු කරන ඩබ්ලිව්.ඒ. ධර්මසිරි මහතා ජනවාරි 25වනදායින් පසු එම ධුරයෙන් විශ්‍රාම ගැනීමට නියමිත බැවිනි.
පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට මෙසේ කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර එම පත්වීම එළැඹෙන 26වනදා සිට ක්‍රියාත්මකය.
කේ.යූ. චන්ද්‍රලාල් මහතා මේ වනවිට දකුණු පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු, ග්‍රාමීය සංවර්ධන, සංස්කෘතික භා කලා කටයුතු, සමාජ සුබසාධන, පරිවාස හා ළමාරක්ෂක සේවා, කාන්තා කටයුතු සහ ගෘහ ආර්ථික ප්‍රවර්ධන, නිවාස හා ඉදිකිරීම් සහ මිනිස්බල හා රැකී රක්ෂා අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කරනු ලබයි